ෆ්ලාරම් සඳහා සිංහල භාෂා ඇසුරුම
Sinhala language pack for Flarum
අවම අවශ්‍යතා
ස්ථාපනය
මේ සඳහා කොම්පෝසර් භාවිතා කළ හැකිය.
composer require flarum-lang/sinhala
ස්ථාපනය කිරීමෙන් පසුව පාලන තීරය හරහා එය සක්‍රිය කරන්න.
යාවත්කාල කිරීම
කොම්පෝසර් භාවිතයෙන් යාවත්කාල කිරීම.
composer update flarum-lang/sinhala
නවතම අනුවාදය සඳහා යාවත්කාල වීමට බලාත්ම කිරීම
(නව ෆ්ලාරම් අනුවාදයක් වෙත යාමේදී නිර්දේශ කෙරේ)
composer require flarum-lang/sinhala
යාවත්කාල කිරීමෙන් පසුව නිහිතය හිස් කළ හැකිය.
සම්බන්ධ වන්න
ලහිරු@යාළු.ලංකා
lahiru@yalu.lk
භාෂා ආශ්රිත ගැටලු සඳහා
දිලිනි චතුරිකා | @dilinic - wire.com
දිලිනි@යාළු.ලංකා | dilini@yalu.lk
ස්තූතිය
ෆ්ලාරම් පරිවර්තන සාමූහික ප්‍රජා සහභාගීත්වයෙන් නඩත්තු කෙරේ.
දායක වන්න
පරිවර්තන සඳහා සහාය වීමට විශේෂ පරිගණක දැනුමක් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න.
- පහත සඳහන් වියමන අඩවියට පිවිසෙන්න.
https://weblate.rob006.net/projects/flarum/
- සිංහල භාෂාව යටතේ ඔබ කැමති කොටසක් තෝරාගෙන පරිවර්තනය ආරම්භ කරන්න.
ගිණුමක් සාදා ගැනීමකින් තොරව සිදු කරන්නේ නම් පරිවර්තන යෝජනා කිරීමට පමණක් හැකිය.
නිති අසන පැන
ගැටලුව: සිංහල භාෂා ඇසුරුම ස්ථාපනය කිරීමෙන් පසුව ද යම් අංග ඉංග්‍රීසි භාෂාවෙන් දිස් වේ. එය සමනය කර ගන්නේ කෙසේ ද?
පිළිතුර: මෙයට හේතුව එම කොටස් තවමත් පරිවර්තන වී නොතිබීම යි. කරුණාකර ඉහත "දායක වන්න" තීරයෙහි සඳහන් වියමන අඩවියට පිවිස පරිවර්තන ආරම්භ කරන්න. ඔබගේ සියලු දායකත්වයන් ස්වයංක්‍රීයව භාෂා ඇසුරුම වෙත යාවත්කාල වනු ඇත; නමුත් ඔබගේ පද්ධතියට එය ඉහත සඳහන් පියවර අනුව අතින් යාවත්කාල කළ යුතුය.
ප්‍රයෝජනවත් සබැඳි