සටහන: භාෂා ඇසුරුම පිළිබඳව යි.
වෙනස්කම් සටහන:
- ලංකා කොඩිය පිළියෙල කිරීම
(හතරැස් ඉඩ ප්රමාණය තුළ දර්ශනය වන පරිදි)
- නව පරිවර්තන එකතු කිරීම
මින් ඉදිරියට සිංහල ඇතුළුව පැකේජිස්ට් භාෂා ඇසුරුම් සියල්ල ෆ්ලාරම් සංවර්ධකයින් විසින් නඩත්තු කරන බව කරුණාවෙන් සලකන්න.
නව භාෂා ඇසුරුමට මාරු වීමට මෙම සාකච්ඡාවෙහි ඉහළින්ම සඳහන් ප්රධාන විස්තරය බලන්න. පෙර භාෂා ඇසුරුම තව දුරටත් යාවත්කාල නොවේ.
පරිවර්තන සඳහා දායක වීම ඔබට පෙර පරිදිම පහසුවෙන් සිදුකළ හැකිය. (ඉහත උපදෙස් බලන්න)
සිංහල භාෂා ඇසුරුම ට අදාළ යාවත්කාලීන කේත සහ පරිවර්තන දත්ත යනා දී සියලුම දෑ පහත සඳහන් අඩවි වලින් ද ලබා ගත හැකිය.
සුභ දවසක් ☺️